විනයක් හා පාලනයක් නොමැති කුලියට ලබා ගත් පක්ෂයක කණ්ඩායමක් සමඟ එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම සන්ධාන ගත නොවන බවත් ඉදිරි මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරිමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිඳු වෙනසක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය ප්රධාන දේශපාලන පක්ෂයක් මිස කුළියට ගත් පක්ෂයක් නොවන බවද ඔහු අවධාරණය කරයි.
සන්ධානයක් සකස් කිරීම වෙනුවට දේශාපලන පක්ෂයක් කුලියට ගෙන සිදුකරන මැතිවරණයේ දී ඡන්ද දායකයින් මෙන්ම අපේක්ෂකයින් පරිස්සම් විය යුතු බව වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.