එජාපෙ අද තීන්දු කිහිපයක් ගනී

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තුවේ සභානායක ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යන ධූරයන් පිලිබඳ අවසන් තෙන්දු තීරණයන් ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් අද දින රැස්වීමට නියමිතය

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරු 11.00 ට රැස්වීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වේ.

එහිදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායක ධුර පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තාවේ .

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.