වසර 5ක් තිස්සේ සිර දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටි හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ ඔහු විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් සළකා බැලීමෙන් අනතුරුව ය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වෙත පිස්තෝලයක් පෙන්වමින් තර්ජනය කළේ යැයි එල්ල වූ චෝදනාවට ඔහු මෙලෙස බන්ධනාගාරගත කර තිබුණි.
2014 වසරේදී මෙම සිදුවීම වූයේ එජාප මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය හා මත්තල ජාත්‍යන්තර ගුවන්තොට නිරීක්ෂණ චාරිකාව නිරතව සිටියදී ය.