නවතම පුවත්

එට්කා නැවත කරළියට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එළඹීමට සැලසුම් කළ ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් නැවත වරක් මේ මස අගදී දෙරට අතර සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව “ද හින්දු” පුවත්පත වාර්තාකරයි.

ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරු කේ. ජේ. වීරසිංහ මහතා උපුටා දක්වමින් “ද හින්දු” පුවත්පත වාර්තාකර ඇත්තේ මේ සම්බන්ධයෙන් 2016 සිට 2019 දක්වා කාලය තුළ සාකච්ඡා වට 11 ක් පවත්වා ඇති බවය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම වඩාත් පුළුල් සහ ශක්තිමත් කිරීමේ අරමුණින්
මෙම සාකච්ඡා පැවැත්වූ බව කේ. ජේ. වීරසිංහ මහතා ද හින්දු පුවත්පතට පවසා තිබේ.

එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර වසර දහයක කාලයකට ආසන්න බවත් ආරම්භයේ සිට ඉන්දියාවට මෙම ගිවිසුම මගින් වැඩි වාසි අත්වනවා යැයි පවසමින් ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සහ ජාතිවාදී කණ්ඩායම් දැඩි විරෝධයක් එල්ල කළ බවද ද හින්දු පුවත්පත වාර්තා කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්