නවතම පුවත්

“එදා හමුදාව පාච්චල් කරපු ආණ්ඩුවට අද ආරක්ෂාව ගැන තීන්දුවක් ගන්නවත් බෑ” – සුසිල් ප්‍රේමජයන්ත්

අසංක

අසංක

ආණ්ඩුව බුද්ධිමත් ලෙස වහා පියවර ගත්තේ නම් පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරවලින් සිදුවූ හානිය තරමක් දුරට හෝ වළක්වාගැනීමට හැකිව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.

හදිසි නීතිය බලාත්මක කිරීම හා රටේ පවතින තත්තවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයේදී සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීය.

“මෙතන ඉන්නවා හිටපු හමුදාපතිතුමා. තොප්පිගල අල්ලගත්තම කිව්වා මහ වනයක් කියලා. එහෙම තමයි යුද්ධය පාච්චල් කළේ. එහෙම තමයි හමුදාව පාච්චල් කළේ. මෙතන ඉන්නවා සභානායකතුමා, ඕනෙම ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කිව්වා. දැන් අන්න කිව්වා ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා, ගොන්නුන්ට කළත් අර වචනෙ කියලා කිව්වා ඒ අයට යුද්දෙ කරන්න බෑ කියලා.  අද තමුන්නාන්සේලා ඒක ඔප්පු කරලා තියෙනවා. ඊළගට මංගල සමරවීර ඇමතිතුමා ඉන්නවා. මෙතන හමුදාපතිතුමා ඉන්නවා. මේ හමුදාපති හොදයි කිව්වා සැල්වේෂන් ආමි එකේ හමුදාපති කරන්න. කිව්වේ නැද්ද අහන්න. හැන්ඩාඩ් එක බලන්න කිව්වේ නැද්ද කියලා. අන්න තමුන්නාන්සේලා පාච්චල් කරපු හැටි. වීරෝධාර හමුදාව, බුද්ධි අංශය, අපේ ආණ්ඩුව, අපේ නායකයා, ටීඑන්ඒ එකේ 15 නැත්නම්,  මුස්ලිම් ඡන්ද ටික නැත්නම් විශ්වාසභංගයත් පරාදයි, පසුගිය ඔක්තෝම්බරයෙත් තමුන්නාන්සේලා පරාදයි. එහෙනම් අද තියෙන්නේ ඔය ආණ්ඩුව නෙවෙයි. ආණ්ඩුව රැකගන්න ජාතික ආරක්ෂාව බිල්ලට දීලා, ජිනීවාවලට වදිනවා, බටහිරට වදිනවා, එන්ජීඕකාරයා කියන එක කරනවා. දැන් ආරක්ෂක ලේකම්තුමා කියන්න දෙයක් නෑනේ. මෙච්චර ලොකුවෙයි කියලා හිතුවෙ නෑලු. ඊට වඩා මොනවත් කියන්නේ නෑ. මෙන්න තනතුරුවලට දාගෙන ඉන්න මිනිස්සු.

බැංකුව මංකොල්ලකෑවා. මංකොල්ලකාරයා ඉන්නේ සිංගප්පූරුවේ. කෝ නීතිය ක්‍රියාත්මක වුණා. කෝ ඇල්ලුවා. යන්න ඇරියා. ඊළගට හොරකම් කළයි කිව්වා කැබිනට් ඇමතිවරු. ඉල්ලා අස්වුණා, නැවත කැබිනට් එකට පත්කළා. හොරු ඇල්ලුවෙත් නෑ හොරුන්ට නීතියක් නෑ. මේකටත් දැන් ඕක තමයි වෙන්නේ. මිනීමැරුවා. දැන් මිනීනේ මරලා තියෙන්නේ. මනුෂ්‍ය ඝාතකයෝනේ. දැන් කෝ අල්ලන්නේ නෑනේ. කාටද මෙයාලටමනේ දීලා තියෙන්නේ. ඔය තුනම කරන්න. බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුටා දීලා කරුණාකරලා යන්න.

දැන් කියනවා නවසීලන්තේ ගැහුව නිසා මෙහෙට ගැහුවලු. පැය 24න් නවසීලන්තයේ සැකකරු අල්ලලා කූඩුවෙත් දාලා ඉවරයි. අපේ මොකද මෙතන පල්ලිටිකට ගහලා උදේ 8.45ට හවස 3ට තමයි පොලිස් ඇදිරි නීතිය දැම්මේ. 10.30 වෙද්දි ඇදිරි නීතිය දැම්මා නම් දෙහිවලයි දෙමටගොඩයි සිද්ධි දෙකම වළක්වා ගන්න තිබුණා. පලපුරුද්දක් නෑ. දැක්මක් නෑ. මේක අටවගෙන යන්න ඕන. ඡන්දයක් ඉල්ලලා හිටියා මිනිස්සු. දුන්නා මානව හිමිකම්වලට. ඒ අයත් වගකියන්න ඕන මේකට. ඡන්දයක් තියලා මිනිස්සුන්ට මේක විසදාගන්න දුන්න නම් මේක විසදාගන්න තිබුණා. දැන් මුකුත් බෑ. ප්‍රජාතන්ත්‍රවාදය කන්න දුන්නා. දැන් කන්න ප්‍රජාතන්ත්‍රවාදය. දැන් කන්න තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයනේ. ආර්ථිකය වැට්ටුවා. දැන් ආර්ථිකය යන්නේ ඍණවලට” යැයි ද සුසිල් ප්‍රේමජයන්ත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා