ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ විශේෂඥ උපදෙස් කමිටුවෙන් මහාචාර්ය නීලිකා මලවිගේ සහ මහාචාර්ය ඒ. පද්මේෂ්වරන් යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති පැවසුවේ ඔවුන් එම කමිටුවෙන් ඉල්ලා අස්වන්නේ කුමන හේතුවක් නිසාදැයි යන්න සෞඛ්‍ය අමාත්‍යංශය හෙළිකළ යුතු බවය.