එන්නත් දෙන්නම් වර්ජන එපා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු කාර්ය මණ්ඩල, ග්‍රාම නිලධාරීවරුන් හා සියලු කාණ්ඩවලට අයත් සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්⁣ෂේත්‍ර නිලධාරීන් ආවරණය වන පරිදි කොරෝනා මර්දන එන්නත ලබා දීමට තීරණය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  පවසයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානාන්ද මහතා පැවසුවේ ලැබී අද ඇති එන්නත් වලින් ප්‍රමුඛතාවය ලබා දෙමින් ඔවුන්ට එන්නත්කරණය සිදු කරන බවය.

එම නිසා මෙම අවස්ථාවේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු නොවී මහජනතාවට අවශ්‍ය ⁣සේවාවන් කාර්යක්ෂම ලෙස සපයා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ද ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.