නවතම පුවත්

එන්නත් සම්පූර්ණ කළත් අවයව බද්ධ කළ අය තවදුරටත් කොවිඩ් අවදානමේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සිරුරේ අවයව බද්ධ කළ අයට කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත්ත ද වයිසරය ආසාදනය වුවහොත් මියයාමේ අවදානමක් ඇති බවට ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙලිවී තිබේ.

එහිදී අනාවරණය වූ කරුණු අනුව සාමාන්‍ය නිරෝගී පුද්ගලයකු එක් කොවිඩ් මාත්‍රාවක් ලබාගත්ත ද සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ යයි. එහෙත් අවයවය බද්ධ කළ පුද්ගලයන්ගෙන් 17% ක් පමණක් COVID-19 එන්නත පළමු මාත්‍රාවෙන් පසුව ප්‍රතිදේහ නිපදවාගෙන තිබේ.

එමෙන්ම 35% ක් ප්‍රතිචාර දක්වා ඇත්තේ ද මාත්‍රාවන් දෙකම ලබාගත් පසුවයි. ඇතැම් අවයව බද්ධ කළ පුද්ගලයන් එන්නත් මාත්‍රා දෙකම ලබාගත්ත ද ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වීමක් ප්‍රතිදේහ නිපදවීමක් සිදු වී නොමැත. නවතම අත්හදාබැලීම්වලින් පෙන්වාදෙන ආකාරයට ඇතැම් අවයව බද්ධ කළ පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය ශක්තිමත් වීම ආරම්භ වී ඇත්තේ මාත්‍රා 3ක් ගත් පසුය.

අමෙරිකාවේ මුළු ජනගහනයෙන් 46%කට පමණ මේ වනවිට කොවිඩ් එන්නත් ලබාදී අවසන්ව ඇත. අමෙරිකාවේ මිලියන 153ක් එන්නත් දෙකම ලබාගෙන ඇති අතර එරට අවුරුදු 65ට වැඩි පුද්ගලයන් මිලියන 42ක් එනම් 78%ක් මේ වනවිට කොවිඩ් එන්නත් ලබාගෙන ඇත.

අමෙරිකාවේ අවයව බද්ධ කර සිටි පුද්ගලයන්ගෙන් කොවිඩ් ආසාදිතයින්ගෙන් 20% ක් පමණ මිය ගොස් ඇතැයි එරට වාර්තා පවසයි. පසුගිය වසරේ නිව්යෝක් නගරයේ පමණක් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බව සදහන් ය.

බද්ධ කළ අවයවයක් ප්‍රතික්ෂේප කිරීම වළක්වන ඖෂධ බොහෝ විට අවයව බද්ධ කළ රෝගීන්ට ආරක්ෂිත ප්‍රතිදේහ සෑදීම වළක්වයි. කොවිඩ් එන්නත් මගින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමේ තත්ත්වයට හේතූව එයයි. COVID-19 එන්නත් බොහෝ දෙනකුට ඇදහිය නොහැකි තරම් හොඳින් ක්‍රියාත්මක වුවද, දළ වශයෙන් ඇමරිකානුවන් මිලියන 10 ක් ඖෂධ වර්ග හෝ වෙනත් රෝග හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වී ඇති අයයි.

එබැවින් අමෙරිකාවෙන් අඩකට පමණ මුළුමනින්ම කොවිඩ් එන්නත්කරණය අවසන් කර ඇති අතර නොබෝ දිනකින් මුලු ජනගහනයම කොවිඩ් එන්නතින් ආවරණය වනු ඇත. එහෙත් අමෙරිකාවේ බොහෝ පිරිසක් අවයව බද්ධ කර ඇති පුද්ගලයන් වන අතර ඔවුන් තුළ තවදුරටත් කොවිඩ් ආසාදනයෙන් මියයාමේ අවදානම පවතිනු ඇතැයි පැවසේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්