එන්නත ගෙන්වීම ප්‍රමාද කළහොත් , ජනතාවට සියල්ල හෙළිකරනවා – GMOA

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත් මෙරටට ගෙන්වීම ප්‍රමාද කළහොත් ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක ලෙස  තොරතුරු හෙළි කිරීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී

PCR පරීක්ෂණ වැඩිකිරීමට ප්‍රමාද වුවා සේ එන්නත ගෙන්වීම ප්‍රමාද නොකරන ලෙසත්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ   ලේකම් වෛද්‍ය ශනාල් ප්‍රනාන්දු මහතා අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය

පමා නොවී මෙම කටයුතු කිරීමට සෞඛ්‍ය අංශවල ප්‍රධානීන්ට  වගකීමක් ඇති බවද ඔහු මෙහිදී පැවසීය .

”සුදුසු එන්නතක් තිබෙනවා නම් එම එන්නතේ ප්‍රතිඵල තිබෙනවා නම් ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කර තිබෙනවා නම් රටක් ලෙස රජය කියනවා නම් ඒකට අවශ්‍ය මුදල් ටික දෙනවා ඒකට අවශ්‍ය පහසුකම් සලසනවා කියලා ඇයි පරක්කු වෙන්නේ කියන කාරණයේ ගැටළුවක් තිබෙනවා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම පරක්කු නොවී කළ යුතුයි. රජය මේකට උපදෙස් දුන්න දවස අපි දන්නවා. ජනාධිපතිතුමා කමිටුවක් පත්කළා ලලිත් වීරතුංග මහත්මයාගේ ප්‍රධානත්වයෙන් යුතුව. හැබැයි මේ එන්නත සම්බන්ධ කාරණයේදී පමාවක් වෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මකව ඉදිරියේදී තොරතුරු හෙළි කිරීමට බලාපොරොත්තු වෙනවා.”යයිද වෛද්‍ය ශනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.