නවතම පුවත්

ජාත්‍යන්තර ගුවන් සමාගම් යළි මෙරට මගී මෙහෙයුම් අරඹයි .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙරට මගී මෙහෙයුම් සිදු කළ සියලුම ජාත්‍යන්තර ගුවන් සමාගම් නැවත මෙරට ගුවන් මෙහෙයුම් ඇරඹිමට එකඟත්වය පල කළ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද(21) මාධ්‍ය වෙත සඳහන් කළේය

සංචාරකයන්ට රට විවෘත කරමින් වානිජ ගුවන් ගමන් ආරම්භ කළ අද දිනය තුල පමණක් වානිජ ගුවන් ගමන් 15 ක් පමණ සිදු වූ බවද අමාත්‍යවරයා කීය.

කොවිඩ් 19 වසංගතය රට තුල පැතිරීමට පෙර තිබූ තත්වයටත් වඩා දියුණු තත්වයකට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම රජයේ අපෙක්ෂාව බව පැවසූ ඇමතිවරයා ඒ සදහා කිසියම් කාලයක් ගත විය හැකි බවද. සංචාරකයන්ට රට විවෘත කිරීම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සදහා අද (21) උදෑසන කොළඹ දී පැවති උත්සවයකදී  සදහන් කලේය.  සංචාරක සංවර්ධන අධිකාරිය එය සංවිධානය කර තිබුණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද කිවේය.

මේක ජාතික යුතුකමක් සහ වගකීමක් හැටියට අපේ අමාත්‍යාංශය හදුනාගත් නිසා මාස 10 ක් තිස්සේ සංචාරකයන්ට වසා දමා තිබූ රට අද සිට නැවත විවෘත කරනවා. අපේ එකම අරමුණ සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් වසංගතය බෝවීම වැලැක්වීමයි ඒ සදහා අපි ගත හැකි ගත යුතු සියළු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා ශ්‍රී ලංකාව සුරක්ෂිතයි. සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සදහා මේ සුන්දර දිවයිනට එන්නැයි අපි ලෝකය පුරා සිටින සියළුම සංචාරකයින්ට ආරාධනය කරනවා.

කොවිඩ් වසංගතය පැමිණීමට පෙර අපේ රටට ජාත්‍යන්තර ගුවන් සමාගම් 35 ක් පමණ මගී මෙහෙයුම් සිදු කලා. ඒ සියළු ගුවන් සමාගම් අප සමග යලි වානිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත පල කර තිබෙනවා. අපි දෛනිකව ගුවන් මෙහෙයුම් 80ක් පමණ සංඛ්‍යාවක්
කටුනායක ගුවන්තොටුපොල තුල සිදුකලා. ලෝකයේම ක්‍රියාත්මක නව සාමාන්‍යකරන වැඩ පිළිවෙල යටතේ එවැනි තත්ත්වයකට පැමිණීමට ටික කාලයක් යාවි. නමුත් ක්‍රමක් ක්‍රමයෙන් එය සිදුවේවියැයි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීමත් මාස 06, 07ක්

යනකොට යථා තත්ත්වය පත්වේවි යැයි අපි අපේක්ෂා කරනවා. රජයේ ඉලක්කය කොවිඩ් 19 වසංගතය රට තුළ පැතිරීමට පෙර තිබූ තත්ත්වයටත් වඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමයි. ඒකට කාලයක් ගතවේවි.

නැවත වතාවක් මේ අභියෝගය ජයග්‍රහණය කිරීම සදහා සියළුම අයගේ සහාය ඉල්ලා සිටිනවා. නැවතත් සංචාරකයන්ට ආරාධනා කරනවා. දැන ඔබට මේ රට විවෘතයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සුරක්ෂිත ගමනාන්තයක් සදහා මේ දිවයිනට එන්න.
යනකොට යථා තත්ත්වය පත්වේවි යැයි අපි අපේක්ෂා කරනවා. රජයේ ඉලක්කය කොවිඩ් 19 වසංගතය රට තුළ පැතිරීමට පෙර තිබූ තත්ත්වයටත් වඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමයි. ඒකට කාලයක් ගතවේවි.

නැවත වතාවක් මේ අභියෝගය ජයග්‍රහණය කිරීම සදහා සියළුම අයගේ සහාය ඉල්ලා සිටිනවා. නැවතත් සංචාරකයන්ට ආරාධනා කරනවා. දැන ඔබට මේ රට විවෘතයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සුරක්ෂිත ගමනාන්තයක් සදහා මේ දිවයිනට එන්න.‘

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්