එන්න බැරිවූ කටාර්හි ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් සලසන්නැයි රජයෙන් උපදෙස්

Picture of අසංක

අසංක

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින කටාර්හි ශ්‍රී ලාංකිකයන්ට වහාම නවාතැන් පහසුකම් සලසා දෙන ලෙස එහි වැඩබලන තානාපතිවරයා හට විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා උපදෙස් දී තිබේ.

කටාර්හි සිට අද දින පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන අවලංගු කෙරිණ.

මේ හේතුවෙන් අන්තර්වාර පියවරක් ලෙස ඔවුන් හට මෙම පහසුකම් ලබාදෙන ලෙස මෙරට රජයෙන් උපදෙස් දී ඇත.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.