යුද්ධය නිමාවීමත් සමග මේ දක්වා දමිළ සරණාගතයින් එකලොස් දහසකට අධික පිරිසක් යලි ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව රජය සදහන් කරයි අග්‍රාමාත්‍ය කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ සහය ඇතිව මෙම කාර්යන් සිදුකරන බවයි.
ඒ අනුව ඊයේ (31) දිනයේදී ද ඉන්දියාවේ චෙන්නායි නුවර සිට සරණාගතයින් 83 දෙනකු ක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ සහය ඇතිව මෙරටට පැමිණ ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය. මේ අතර තවත් ඉන්දියාවේ රැදී සිටින සරණාගතයින් හාරදහසකට ආසන්න පිරිසක් යලි ශ්‍රීලංකාවට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් විය.
සමිත සේනාරත්න