නවතම පුවත්

එපිකා සම්මාන උළෙල අගෝස්තුවේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න


වෙළඳ ප්‍රචාරණය, හා ඊට අදාළ නිර්මාණාත්මක ක්ෂේත්‍ර වෙනුවෙන් වන ජාත්‍යන්තර එපිකා (epica) සම්මාන උළෙල එළඹෙන අගෝස්තු මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර Epica සම්මාන මණ්ඩලය හා ශ්‍රී ලාංකේය වෙළඳ දැන්වීම් නිර්මාණ ආයතන සංගමය, (Association of Accredited Advertising Agencies/4As) එක්ව මෙම , Epica විශේෂ සම්මාන උළෙලඅගෝ”ස්තු මස 16-17 දෙකක් පුරා දේශීය සහ ජාත්‍යන්තර නිර්මාණකරුවන්ගේ මූලිකත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.මෙම සම්මාන උළෙලට සමගාමීව සැසිවාර සහ වැඩමුළුද පැවැත්වීමට සැලසුම් කර ඇත.

වෙළඳ ප්‍රචාරණය (advertising), , මාධ්‍ය (media), මහජන සම්භන්ධතා (PR) සහ ඩිජිටල් නිර්මාණකරණය (digital) යන ක්ෂේත්‍රයන්හි නිර්මාණාත්මක බව ඇගයීම මූලික කරගෙන 1987 වසරේ ප්‍රංශයේ දී Epica සම්මාන උළෙල ආරම්භ කරන ලදී. Adweek, Creative Review, Shots, C-NET සහ Forbes වැනි සන්නිවේදන සඟරා, වෙබ් අඩවි ඇතුළු අලෙවිකරණ ආයතන 200කට වැඩි සංඛ්‍යාවක කලාවේදීන් මෙහි ජූරිය සඳහා සහභාගීවීම Epica සම්මානයන්හි විශේෂත්වයයි. මේ වන විට Epica සම්මාන උළෙල සඳහා ලොවපුරා රටවල් 70ක පමණ වෙළඳ ප්‍රචාරණ ආයතන (agencies,), නිෂ්පාදන ආයතන (production companies), මාධ්‍ය උපදේශකයින් (media consultancies), ඡායාරූප ශිල්පීන් (photographers) සහ ඩිසයින් ස්ටූඩියෝ (design studios) සහභාගී වේ.

‘ . වෙළඳ ප්‍රචාරණය (advertising), අලෙවිකරණය (marketing), නිෂ්පාදනය (production), ඩිසයින් (design), උසස් වෙළෙඳ නාමකරණය (luxury branding) සහ VR (virtual reality) වැනි ක්ෂේත්‍රවල විශේෂඥයින් Epica ශ්‍රී ලාංකේය සම්මාන උළෙල සඳහා සහභාගීවන අතර ඔවුන්ගෙන් ඇතැමෙක් Epica ප්‍රධාන සම්මාන උළෙලේ සාමාජිකයින්ද වන්නේය. දේශීය උළෙලේ ජූරි මණ්ඩල සැකසුම් ඒකකයේ ප්‍රධානී වශයෙන්ද ශ්‍රී ලංකාවේ අවසන් වටයේ ජූරිය සාමාජිකයෙක් වශයෙන්ද Epica ප්‍රධාන සම්මාන උළෙලේ අධ්‍යක්ෂක, මාර්ක් ටන්ගේට් සහභාගී වෙ.

‘නිර්මාණ ක්ෂේත්‍රයේ, ප්‍රචාරණ ආයතන (advertising agencies), මාධ්‍ය ආයතන (media stations), නිෂ්පාදන ආයතන (production houses), ඇප් නිර්මාණකරුවන් (app developers), අන්තර්ගත නිර්මාණකරුවන් (content creators), ඡායාරූප ශිල්පීන් හෝ ඉලස්ට්‍රේටර් නිර්මාණකරුවන් (photographers or illustrators) සඳහා තම දක්ෂතා පෙන්වීමට Epica සම්මාන උළෙල හොඳ අවස්ථාවක් වනු ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි