නවතම පුවත්

එස්අයි මැරූ තරුණියගේ හිස සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

 

බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකු විසින් ඝාතනය කොට කොළඹ කොටුව, වේල්ලවීදියේ බෑගයක දමා තිබූ තරුණියගේ මළ සිරුරෙන් ඝාතකයා විසින් වෙන් කළ හිස කොටස සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. පොලිසිය අනුමාන කරන්නේ සීසීටීවී දර්ශනවලට අනුව මෙම පොලිස් පරීක්ෂකවරයා රැගෙන ගිය අනිත් බෑගයේ එම හිස තිබෙන්නට ඇති බවයි.

 

ඝාතකයාගේ මළසිරුර මෙන්ම මෙම ඝාතනයට අදාළ තොරතුරු රැසක් අනාවරණය වී තිබුණ ද මෙම හිස කොටස තවමත් සොයාගෙන නැති අතර හිස සුන්වී තිබීම නිසා ඇයගේ සිරුර පිළිබද තහවුරු කරගැනීමට ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකර පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට විමර්ශන අංශ පියවර ගෙන තිබේ.

 

ඝාතකයා ඊයේ (03) උදෑසන බුත්තල බඩල්කුඹුරේ සිය නිවසට ආසන්න කැලෑ ප්‍රදේශයකදී සිය දිවි හානි කරගෙන තිබුණි.

 

බුත්තල පොලීසියේ සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් වූ ඔහුගේ විස්තර ලද පොලිසිය ඔහුගේ නිවසට යනවිට ඔහු ලිපියක් ලියා තබා නිවසට ආසන්න කැලෑ ප්‍රදේශයේ දී මළසිරුර හමුවී ඇත්තේ වස පානය කර ගෙළ වැළලාගෙන සිටියදීය.

 

ඝාතනයට ලක්ව තිබුණේ එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ කුරුවිට පදිංචිව සිටි 30 හැවිරිදි නැගණියයි.

 

ඝාතනය සිදුකළ පොලිස් පරීක්ෂකවරයා යහපාලන ආණ්ඩු සමයේ දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ප්‍රධාන මන්ත්‍රී ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ 52 හැවිරිදි තිදරු පියෙකි.

 

ඒ කාලයේදී දේශපාලන කටයුතු සඳහා ඉහත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවසේ අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රැස්වීම් ආදිය සංවිධාන කර ඇති අතර ඝාතනයට ලක්වූ තරුණිය එකල සොයුරාගේ නිවසේ නැවතී සිට තිබේ.

 

එහිදී පාදේශීය සභා මන්ත්‍රිවරයාගේ නැගණියට මෙම පොලිස් පරීක්ෂකවරයා නිතර හමු වී ඇති අතර ඇය විසින් ඔහු අමතා ඇත්තේ ‘අංකල්’ යනුවෙනි.

 

ඇය හා පොලිස් පරීක්ෂකවරයා අතර සාමාන්‍ය හිතවත්කමක් තිබී ඇති අතර පොලිස් පරීක්ෂකවරයා විවාහකයෙකු බවත් දරුවන් සිටින අයකු බවත් දන්නා බැවින් නිවැසියන්ට ඔවුන්ගේ සබඳතාව සම්බන්ධයෙන් සැකයක් ඇති වී නොමැත.

 

සැකකරු පසුගිය 28 වැනිදා නිවාඩු ලබාගෙන පැමිණ හංවැල්ල ලැගුම්හලකදී ඇය ඝාතනය කොට 01 වැනිදා මළ සිරුර කොටුවට ගෙනැවිත් ඇත.

 

පොලිස් පරීක්ෂකවරයා රත්නපුර ප්‍රදේශයේ සේවය කරන සමයේදී අවිවාහක සිටි මෙම තරුණිය සමඟ අනියම් සබඳතාවක් ඇති කර ගෙන ඇත. මෙම ඝාතනය සිදුව ඇත්තේ එම අනියම් සබඳතාවයේ ප්‍රතිඑලයක් ලෙසයි.

 

ඝාතනයට ලක්වූ තරුණියගේ පියා මියගොස් ඇති අතර මව රෝගීව එක්තැන්ව කාලය ගත කරන්නීය.

 

කෙසේ වෙතත් තරුණිය ඝාතනය වීමට දින කිහිපයකට පෙර පොලිස් පරීක්ෂකවරයාගේ සොහොයුරිය යැයි කියන කාන්තාවක් විසින් තරුණියගේ සොයුරාට මෙම සබඳතාව නැවැත්වීමට කටයුතු කරන ලෙසට බැණ තර්ජනය කර තිබෙන බවද පොලිස් විමර්ශනයේ දී හෙළි වී තිබේ.

 

ඝාතනයට ලක්වූ තරුණිය යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බව ද ඇයගේ සමාජ ජාල ගිණුම්වල දැක්වේ. ඇය සමග කටයුතු කර තිබූ සමගි ජන බලවේගයේ හෝමාගම ප්‍රධාන ආසන සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා එම තරුණිය මසකට පමණ පෙර කියූ ගැටලුවක් පිළිබද සිහිපත් කිරීමක් ද සමග සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද යොදා තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්