නවතම පුවත්

එහෙනම්, වැඩේ ඉවරයි හොඳ‍ේ..

අසංක

අසංක

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුමක් ලෙස අදියර දෙකකින් යෝජිත වැටුප් වර්ධකය ලබා දීම රජයේ එකඟතාව බවත් කොවිඩ්-19 වසංගතය හමුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීම් සීමාවීම නිසා එකවර ඉල්ලීම් ලබා දීමට නොහැකි බවත් ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් වෙත අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දැනුම් දී තිබේ.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ගැටලුව පිළිබඳව රජය සංවේදි වන බවත් වැටුප් විෂමතා ඉවත්කළ යුතු බව තමන් පිළිගන්නා බවත් ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් අද (12) දින පස්වරුවේ අරලියගහ මන්දිරයට කැඳවා අගමැතිවරයා මේ බව පවසා ඇත.

ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප් වර්ධකයේ පළමු අදියර 2022 අයවැය තුළින් ද ඉතිරි කොටස් දෙක 2023 අයවැය මගින් ද ලබාදීමට මෙහි දී අගමැතිවරයා යෝජනා කර ඇත.

දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් බාධාවකින් තොරව කරගෙන යාමේ අවශ්‍යතාව මත රජය මෙම විසඳුම් යෝජනාව ඉදිරිපත් කරන බව ද වෘත්තිය සමිති නියෝජිතයන් වෙත අගමැතිවරයා පවසා තිබේ.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඉදිරිපත් කළ යෝජනා ද ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව මෙහි දී සඳහන් කර ඇත.

ඒ අනුව ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ විධිවිධාන නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයටපත් කිරීම ඇතුළු අනෙකුත් නිර්දේශ මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ද මෙම හමුවට සහභාගී වී තිබේ.

ගුරු විදුහල්පති සංගම් නියෝජනය කරමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ පුජ්‍ය යලේවෙල පඤ්ඤාසේකර හිමි, ලංකා පිරිවෙන් ගුරු සංගමයේ මීගහජඳුරේ සීලානන්ද හිමි, අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ වසන්තා හඳපාන්ගොඩ, ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ, සමස්ත ලංකා ගුරු උපදේශක සංගමයේ පී.එම් සමරකෝන්, සමස්ත ලංකා රජයේ ක්‍රියාකාරි විදුහල්පති සංගමයේ සිසිර කුමාර රත්නායක, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමයේ ඩබ්ලිව්. ඒ. වීරකොඩි, රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ශෙහාන් දිසානායක, ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ දිවානි හෙට්ටිගේ, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ගුරු සංගමයේ එස්. බාලසේගරම් මහත්ම මහත්මීහු ඇතුළු නියෝජිත පිරිසක් මෙම හමුවට එක්වූහ.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරු වන ගාමිණි ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරු වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතීඥ චමින්ද කුලරත්න, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආර්.පී.එම්. රත්නායක සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් මහත්වරු ඇතුළු රජයේ නියෝජිත පිරිසක් ද ඊට එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්