නවතම පුවත්

එළවළු තොග මිල පහලට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේදීත් විවෘතව පැවති අතර එහිදී  එළවළු තොග මිල පහත වැටීමක් දක්නට  ඇති බව වෙළෙඳුන් පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම 04 ට විවෘත වීමත් සමග ගොවීන්ගෙන් එළවළු තොග එම මධ්‍යස්ථානයට ලැබී තිබින.කෙසේවෙතත් පෙරේදා දිනට සාපේක්ෂව එළවළු තොග මිල සියයට 40 කින් පමණ පහත වැටී ඇති බව හා තොග මිලදි ගැනීමට වෙළෙන්දන්ගේ පැමිණීමේ ද අඩුවක් දක්නට ලැබුණු බව වාර්තාවේ

යාපනය ප්‍රදේශයේ වගා කරන පළතුරු හා රතුළුූණු අස්වනු විශාල වශයෙන් අද දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙන අතර .ඒ අනුව යාපනයේ මිදි කිලෝවක් රුපියල් 200 ක් වැනි අඩු මිලකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී අලෙවි වන බවද වාර්තාවේ

මේ අතර මැනිං වෙළඳපළේ එළවළු තොග මිල ද අද පහත වැටී තිබුණනු අතර එළවළු මිලදි ගැනීම සඳහා වෙළන්දන්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබුණු බවද වාර්තාවේ.

එළවළු තොග මිල පහත වැටී තිබුණත් ආර්ථික තත්ත්වය මත පුද්ගලයින්ගේ මිලදී ගැනීමේ හැකියාව පහළ ගොස් ඇති බැවින් එළවළු තොග අලෙවි වීමේ අඩුවක් පවතින බවයි මැනිං වෙළඳ සංගමයේ ජාතික සංවිධායක එච් එම් උපසේන  මහතා මාධ්‍යයට පැවසුවේ ,

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි