එළවළු තොග මිල පහළට ගන්න අය නෑ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන ඊයේ (06) දිනයේදීත් විවෘතව පැවති අතර එහිදී  එළවළු තොග මිල පහත වැටීමක් දක්නට  ඇති බව වෙළෙඳුන් පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඊයේ අලුයම 04 ට විවෘත වීමත් සමග ගොවීන්ගෙන් එළවළු තොග එම මධ්‍යස්ථානයට ලැබී තිබින.කෙසේවෙතත් පෙරේදා දිනට සාපේක්ෂව එළවළු තොග මිල සියයට 40 කින් පමණ පහත වැටී ඇති බව හා තොග මිලදි ගැනීමට වෙළෙන්දන්ගේ පැමිණීමේ ද අඩුවක් දක්නට ලැබුණු බව වාර්තාවේ

යාපනය ප්‍රදේශයේ වගා කරන පළතුරු හා රතුළුූණු අස්වනු විශාල වශයෙන් ඊයේ දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙන අතර .ඒ අනුව යාපනයේ මිදි කිලෝවක් රුපියල් 200 ක් වැනි අඩු මිලකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී අලෙවි වන බවද වාර්තාවේ

මේ අතර මැනිං වෙළඳපළේ එළවළු තොග මිල ද ඊයේ පහත වැටී තිබුණනු අතර එළවළු මිලදි ගැනීම සඳහා වෙළන්දන්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබුණු බවද වාර්තාවේ.

එළවළු තොග මිල පහත වැටී තිබුණත් ආර්ථික තත්ත්වය මත පුද්ගලයින්ගේ මිලදී ගැනීමේ හැකියාව පහළ ගොස් ඇති බැවින් එළවළු තොග අලෙවි වීමේ අඩුවක් පවතින බවයි මැනිං වෙළඳ සංගමයේ ජාතික සංවිධායක එච් එම් උපසේන  මහතා මාධ්‍යයට පැවසුවේ ,