නවතම පුවත්

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය දැන් සක්‍රියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය – කොළඹ යටතට පත්කර ඇති බව සඳුදා (29) පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මෙම ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරී වශයෙන් පත්කර ඇත. නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඩබ්.ඒ.එස්.එස් පෙරේරා, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් ඩබ්.එල්.ආර්.පී රුද්‍රිගු සහ පොලිස් අධිකාරී එල්.කේ.ඩී අනිල් ප්‍රියන්ත යන නිලධාරීන් අදාළ සේවාවන්හි සහ පොලීසියේ සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස මෙම මූලස්ථානයට පත්කර ඇත.

මෙම කොළඹ පිහිටි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යටතේ වහා ක්‍රියාත්මක වන ලෙස පිහිටුවා ඇති බව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් ආරක්‍ෂක අමාත්‍යංශයට දන්වා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්