මුහුදු මහ විහාරයට සිදුවු විනාශයම ඓතිහාසික දෙවනගල පුදබිමටත් අත්වේගන යන නිසා එම පුදබිම රැකගන්න කඩිනම් වැඩපිළිවෙළක් යොදන ලෙස පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමියෝ ජනාධිපතිවරයාට කියා සිටිති.
මේ වනවිටත් දෙවනගල පුදබිම අන්‍ය ලබ්ධිකයන්ගේ ග්‍රහණයට හසුවි තිබෙන බැවින් එම පුරාවිද්‍යාත්මක ඓතිහාසික පුදබිම රැකගැනිමෙි වැඩපිළිවෙළ කඩිනමින් දියත් කළ යුතුයැයිද මෙිධානන්ද නාහිමියෝ අවධාරණය කරති.
දෙවනගල යනු බතලේගල වඩා මදක් කුඩා ගල් පර්වතයක්.පළමු ගල බතලේගල.දෙවැනි තැන දෙවනගල.එම ස්ථානයට ඒ නම වැටුණෙත් ඒ නිසයි.
මෙහි ඓතිහාසික සෙල්ලිපි දෙකක් තිබෙනවා.පළමුවෙනි පරාක්‍රමබාහු රජතුමා තමන්ගේ කීර්ති නගරගල්ල නැමැති සෙනෙවියා ඇතුළු නැව් සේනාවක් අරමන රට හෙවත් බුරුමයට යවා එම රට යටත් කරගත්තා.බුරුමයේ කුසුම්තොට හෙවත් බැසයෙන් වරායට තමයි අපේ සේනාව ගොඩ බැස තියෙන්නේ.බුරුමයේ බුවනාදිත්‍ය රජු තමයි එලෙස අපේ සේනාවට යටත් වුණේ.එම සටනට ගිය කීර්ති නගරගල්ල සෙනෙවියාට 1 වෙනි පරාක්‍රමබාහු රජතුමා මලබටුව ගම ඇතුළු ගම්වර ප්‍රදානය කළා.ඒ පිළිබඳව තමයි දෙවනගල එක සෙල්ලිපියක.සදහන් වෙන්නේ.අනෙක් සෙල්ලිපිය 1 වෙනි විමලධර්මසූරිය රජතුමාගේ යුගයේ පිහිටුවුවක්.කොනප්පු බණ්ඩාර කන්ද උඩරට 1 වෙනි විමලධර්මසූරිය නමින් රජකරවිමට කැපවුණු දෙවනගල රතනාලංකාර හාමුදුරුවන්ට රජතුමා ගම්වර පූජාකළා.ඒ ගැන දෙවනගල අනෙක් සෙල්ලිපියේ සදහන් වෙනවා.
මෙම පුදබිමට පිදු නින්දගම් තමයි අවට තිබෙන්නේ .මහාවංශයේ ඇති තොරතුරුත් දෙවනගල සෙල්ලිපි වලින් තවත් තහවුරු වෙනවා.මෙහි අතිතයේ අංග සම්පුර්ණ විහාරයක් තිබි ඇතත් අද ඇත්තේ එහි නටබුන්.
මෙම ස්ථානයෙහි වටිනාකම ඔප්පු වෙන්න ඒ සෙල්ලිපි දෙක පමණක්ම ප්‍රමාණවත්.ඒ නිසා මෙම ඓතිහාසික පුදබිම අප රැකගත යුතුයි.
අද අපේ උරුමයන් බොහෝමයක් අපිට අහිමි වෙලා.උතුරු නැගෙනහිර අපේ පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක් විනාශ කර දාලා ඉවරයි.වටිනා අපේ සෙල්ලිපි කඩ දමලා.
සමහර ඉපැරණි ගල්කණු වැසිකිළිවලට භාවිතාකර තිබුණා.ඓතිහාසික චෛත්‍යයයන් සමතලා කර ඒවායේ කුඹුරු කොටා තිබුණා.යුද්ධ සමයේවත් නොවුණු හානියක් පහුගිය කාලය තුළ මේ පුරාවස්තුවලට සිදුවුණා.
ඓතිහාසික දෙවනගලට ඒ තත්වය අත්වෙන්න ඉඩ දෙන්න බැහැ.ඒ නිසා එය රැකගන්න කඩිනම් වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමාට කියා සිටිනවා යැයි එල්ලාවල.මේධානන්ද නාහිමියෝ පැවසුහ.