2024 වසරේ ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ දී විදෙස් සංචාරකයින් 55,353ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් සඳහන් කරයි.
ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,540,161ක් ලෙසයි.
එම වාර්තාවට අනුව 2024 ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින්ගෙන් 29.2%ක් එනම් 16,163ක්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
මීට අමතරව චීනයෙන් සංචාරකයින් 3,963ක්, එක්සත් රාජධාන්යෙන් 3,926ක් සහ ජර්මනියෙන් 3,469ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
![](http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2024/10/16160628/WeeklyReportOCTOBER-01-13-6.png)
![](http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2024/10/16160631/WeeklyReportOCTOBER-01-13-2.png)