ඔක්ස්ෆර්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද කොරෝනා වෛරස් එන්නතට අනුමැතිය ලබාදීමට  බ්‍රිතාන්‍යය සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත .

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුලටත මෙම ඔක්ස්ෆර්ඩ් එන්නතද බ්‍රිතාන්‍යය තුල භාවිතයට ගැනෙනු ඇති බව එරට රජයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා ඇත ..

බ්‍රිතාන්‍යය විසින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද එන්නත් මිලියන 100ක ඇණවුමක් මේ වන විටත් ලබාදී අවසන් වන අතර එමගින් මිලියන 50 ක ජනතාවකට එය ලබාදීමට සැලසුම් කර ඇත.