ඔක්ස්ෆර්ඩ් – ෆයිසර්  එන්නත් දෙකම ලබන මස ශ්‍රී ලංකාවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනකා සහ ෆයිසර් බයෝ එන්ටෙක්  යන කොරෝනා එන්නත් දෙකම ,ලබන මස සිට මෙරටදී එන්නත් කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කර සිටී.
 ඒ අනුව, දැනටමත් හදුනාගෙන ඇති අවදානම් කණ්ඩායම් වෙත කොරෝනා මර්දන එන්නත්කරණය ආරම්භ කරන බවද ඇය මාධ්‍ය වෙත සඳහන් කළාය.
මේ වනවිට මෙම එන්නත්කරණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීමේ කටයුතුද ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.