නවතම පුවත්

රට කරවන තැනත්  කොරෝනා ගිලගනී 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* මන්ත්‍රීලා 3කට කොවිඩ්
* 31ක් නිරෝධායනයට
* පාර්ලිමේන්තුවේ දින 2ක් PCR
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
අමාත්‍යවරයකු වන වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු විමත් සමග පාර්ලිමේන්තුවේ කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් ගණන 3ක් දක්වා ඉහළ ගොස් ඔවුන්ගේ ආශ්‍රිත  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇත.
ඉන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21  දෙනෙකු රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 10 දෙනා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයගේ ආශ්‍රිතයින් ය.
සීසීටිවී ආදිය ද පරීක්ෂා කරමින්  ආසාදිත මන්ත්‍රීවරුන්ගේ ආශ්‍රිත මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය තවදුරටත් හඳුනා ගනිමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
අමාත්‍ය දයාසිරි ජයසේකර කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි.
මේ වන විට කොවිඩ් ආසාදිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් දෙදෙනකු අමාත්‍යවරුන් ය.
මේ අතර හෙට( 13) සහ අනිද්දා (15) යන දිනවලදී පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පීසීආර් පරීක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද සහභාගි වියහැකි බව කථානායකවරයා දැනුම් දී ඇත.
මේ අතර, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ රැඳීසිටි ස්ථාන සහ ගමන්ගත් ස්ථාන සියල්ල විෂබීජහරණයට ලක්කළ බවය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පස්වරු 2 ට රැස්වීමට නියමිතය.
එහිදී පක්ෂ නායකයින් ගනු ලබන තීරණ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට සූදානම් බවද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි