මෙරටින් පළමු වරට හදුනා ගැණුනු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව එන්නත් නොගෙන මෙරටට අතුලුවුයේ කෙසේදැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රශ්න කරයි .
එන්නත්කරණයට ලක් නොවූ අයෙකු බව ඊයේ අනාවරණ වූ අතර . මේ වනවිට බොහෝ රටවලට පැමිණීමට අවසර හිමිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට පමනි
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගත් කාන්තාව මාරවිල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක්. ඇය ඉකුත් 24 වනදා දිවයිනට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කළේය .
පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ එම කාන්තාවට රටට ඇතුළුවීමට අවසර ලබාදුන් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මාධ්‍ය වෙත සඳහන් කලේ .
ඒ අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සතුටුදායක මට්ටමක නොමැති බවද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ වැඩිදුරටත් සඳහන් කලෙය