නවතම පුවත්

ශිරාස්ට තනතුරක් දී නැතැයි අගමැති කාර්යාලය කියද්දී තනතුර ලැබුණ හැටි යුනූස් කියයි

අසංක

අසංක

අගමැතිවරයා සම්බන්ධයෙන් මෑත කාලයේදී යම් යම් ප්‍රකාශ සිදුකළ ශිරාස් යුනුස් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිඳු තනතුරක් ලබා දී නොමැති බවට එම කාර්යාලය නිවේදනය කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මුස්ලිම් කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් ඔහු පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ තුළ යම් මතභේදයට තුඩුදීමට හේතුවන කරුණු ඇතුළත් වී තිබුණි.

කෙසේවෙතත් ඔහු විසින් කරන ලද ප්‍රකාශ අගමැතිවරයා හෝ අගමැති කාර්යාලය අනුමත නොකරන බව ද එම නිවේදනයේ දැක්වේ.

අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“ශිරාස් යුනුස් (Shiraz Yunus) මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිඳු තනතුරක් ලබා දී නොමැත

ශිරාස් යුනුස් (Shiraz Yunus) මහතා ගරු අග්‍රාමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු නොකරන, අතර එවැනි තනතුරක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ලබා දී නොමැති බව මෙයින් දන්වා සිටිමි.

ශිරාස් යුනුස් (Shiraz Yunus) මහතා විසින්, ගරු අග්‍රාමාත්‍යතුමාගේ මුස්ලිම් කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන බව පවසමින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව ද මෙයින් ප්‍රකාශ කරමි.

එසේම, ඔහු හට කිසිඳු ආකාරයේ තනතුරක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ලබා දී නොමැත.

ඔහුගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පුද්ගලික වන අතර වත්මන් අග්‍රාමාත්‍යතුමා හෝ අග්‍රාමාත්‍ය කාර්යාලය එම අදහස් අනුමත නොකරන බවද වැඩිදුරටත් දන්වා සිටිමි.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්”

මේ අතර ශිරාස් යුනූස් මහතා ද මෙම නිවේදනය සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගිණුම් පහත වීඩියෝව පළ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්