නවතම පුවත්

ඔමික්‍රෝන් ආසාදිතයින්‌ට ගඳ සුවඳ දැනෙනවලු

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න 

ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය සම්බන්ධයෙන්, මේ මොහොතේ අනවශ්‍ය ලෙස  බියවීමට හෝ කලබලවීමට හෝ හේතුවක් නොමැති බව එම විකෘතිය පළමුවෙන්ම හඳුනාගත් දකුණු අප්‍රිකා වෛද්‍යවරියක වන ඇන්ජෙලික් කෝටේස් ජාත්‍යන්තර මාධ්‍ය වෙත සඳහන් කර ඇත

වයිරස විකෘතිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට සති දෙක තුනක් යනු ඇති බවත් ඒ ගැන නිශ්චිතව යමක් කිව හැක්කේ ඉන් අනතුරුව වන බවත් ඇය සඳහන් කර ඇත

තමන් ප්‍රතිකාර ලබා දුන්, ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන් කිසිවකු බරපතල ලෙස රෝගී නොවුණු බවත් මරණයට පත් නොවුණු බවත් වෛද්‍යවරිය ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

සාමාන්‍යයෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ට ගඳ සුවඳ නොදැනී යන නමුත් ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන්ට එවැන්නක් සිදු නොවන බව වෛද්‍යවරිය පැහැදිලි කර තිබේ.

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවට අමතරව, ‘ඔමික්‍රෝන්’ ආසාදිතයන්ගේ බහුල රෝග ලක්ෂණ වන්නේ දින ගණනාවක් එක දිගට පවතින සිරුරේ වේදනාව සහ තෙහෙට්ටුවය. ඊට අමතරව හෘද ස්පන්දනය අසාමාන්‍ය ලෙස වැඩි වෙයි. මුලින් හමුවුණු සියලු ‘ඔමික්‍රෝන්’ රෝගීන් සුවය ලැබූවේ වෛද්‍ය උපදෙස් මත නිවෙස්වල රැඳී සිටිමින් යැයි ද වෛද්‍යවරිය පවසයි.

මේ ගැන වැඩිදුරටත් සිය අත්දැකීම් බෙදා ගනිමින් ඇය මෙසේද පවසා ඇත

”එක පවුලක අවුරුදු 6 ක දරුවකුට ඔමික්‍රෝන් ආසාදනය වුණා. එම දරුවාගේ හෘද ස්පන්දනය වේගවත් වුණා. මා සිතුවේ දරුවා රෝහල්ගත කරන්න වේවි කියලයි. ඒත් තෙවැනි දිනයේ දී දරුවාගේ තත්ත්වය යහපත් අතට හැරුණා. ඔමික්‍රෝන් විකෘතියේ බලපෑම අප තවම දන්නේ නැහැ. වයිරසයේ ස්වරූපය හරියට දැනගන්නා තුරු කිසිවක් කියන්න අමාරුයි. පොඩි දරුවන්ට හෝ තරුණ තරුණියන්ට වයිරසයෙන් වැඩි බලපෑමක් එල්ල නොවුණත්, වැඩිහිටියන්ට එයින් බලපෑමක් එල්ල විය හැකියි”

‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ද පෙන්වා දී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ සම්බන්ධයෙන්, බියක් හෝ කලබලයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවත්, කළ යුත්තේ විකෘතියේ ව්‍යාප්තිය අවම කර ගැනීමට නිසි පියවර ගැනීම බවත්ය.

‘ඔමික්‍රෝන්’ විකෘතිය මුලින් නම් කර තිබුණේ B.1.1.529 යනුවෙනි. වයිරසයේ ආරම්භය අප්‍රිකාවට අයත් බොට්ස්වානා රාජ්‍යය යැයි මේ වනවිට තහවුරු වී ඇත. කෙසේ නමුත්, වයිරසය පළමුවෙන් හඳුනාගත්තේ දකුණු අප්‍රිකාවෙනි. වයිරසය හඳුනා ගැනීමේ දී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ තැනැත්තියක වන්නේ වෛද්‍ය ඇන්ජෙලික් කෝටේස් ය. වෛද්‍යවරිය දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නුවර වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි. ඇය වසර 30 ක් වෛද්‍ය වෘත්තියේ නියැලෙන වෛද්‍යවරියක මෙන්ම දකුණු අප්‍රිකා වෛද්‍ය මණ්ඩලයේ ගෞරවණීය සාමාජිකාවක ද වන්නීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්