ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි එන්නත නිපදවීමට ‘මොඩර්නා’ සූදානම් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව නව එන්නතක් අවශ්‍යනම් 2022 මුල් භාගය වන විට එය නිපදවිය හැකි බවයි මොඩර්නා සමාගම සඳහන් කර ඇත .

ඒ සඳහා දැනටමත් තම සමාගම අවශ්‍ය පර්යේෂණ ආරම්භ කර ඇති බවද එහි ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

නව ප්‍රභේදයට එරෙහිව දැනට ලබාදෙන එන්නතෙන් ලැබෙන ආරක්ෂාව ගැන තහවුරු කිරීමට සති කිහිපයක් ගතවනු ඇති බවද එම සමාගම නිවේදනය කර ඇත

මේ අතර  ලොව තවත් රටවල් කිහිපයකින් ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදය හඳුනාගැනීමත් සමග එම ප්‍රභේදය ව්‍යාප්තවූ රටවල් සංඛ්‍යාව 15 දක්වා ඉහළගොස් තිබේ.