කොවිඩ්-19 වෛරසයේ නවතම ප්‍රභේදය වන Omicron හිද නව උප ප්‍රභේදයක් ආසාදිතයින් 426ක් එංගලන්තයෙන් හමුවී තිබේ.
ඉන් ලන්ඩනයේ තහවුරු වූ රෝගීන් 100 කට වඩා වැඩි සංඛ්‍යාවකින් හමුවී ඇත.
BA.2 නම් වන නව ප්‍රභේදය ‘විමර්ශනයට ලක්ව ඇති ප්‍රභේදයක්’ ලෙස සලකනු ලැබ ඇති බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය පවසයි.
වැඩිම තහවුරු වූ රෝගීන් සංඛ්‍යාවක් ඇති ප්‍රදේශ වන්නේ ලන්ඩනය 146ක් සහ අග්නිදිග ප්‍රදේශයේ 97ක් වශයෙනි.
නව උප ප්‍රභේදය ඔමික්‍රොන්වලට වඩා දරුණු බවට මෙතෙක් පූර්ව ඇඟවීමක් නොමැත.
ඩෙන්මාර්කයේ මූලික අධ්‍යයනයන් පවසන්නේ මෙමගින් රෝහල්ගත වීමේ වැඩි අවදානමක් නොපෙන්වන බවයි.
ප්‍රභේදය වඩාත් සම්ප්‍රේෂණය කළ හැකි බවට යම් සාක්ෂි තිබේ.
මුල් Omicron වික්‍රියා BA.1 හා සසඳන විට මුල් විශ්ලේෂණයන් වැඩි වර්ධන වේගයක් ඇතැයි පෙනී යන බව ද ඔවුහු සෙයාගෙන ඇත.
වෛරසයේ ස්වභාවය නව ප්‍රභේද ඇති කිරීම බවත් ඉදිරියේදී නව ප්‍රභේද තවදුරටත් හමුවනු ඇති බව ද ඔවවුහු පවසති.