නවතම පුවත්

දවසට පැය එකහමාරක්වත් විදුලිය කැපුවේ නැත්නම් , මාර්තුවේ ‘ලොකු’ අර්බුදයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් ඇති  බවත් ඒ අනුව  මේ වනවිට රජය ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් ලබන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි .

ඉන්ධන මිල ඉහළ නැංවීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති නමුත්, පවතින  වියළි කාලගුණික තත්ත්වයද සැලකිල්ලට ගෙන , නැවත වැසි ලැබෙන තෙක් යම් විදුලි කප්පාදුවක් සිදුකල යුතුව ඇති  බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය

එසේ නොකළහොත්  මාර්තු මස අගභාගයේදී විශාල අර්බුදයකට යාහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මසකට ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක් පමණ මෙරට වැය කරන බවත් මේ වනවිට ශ්‍රී ලංකාවේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 750ක මට්ටමක පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මෙහි ඇති බරපතළ තත්ත්වය සමස්ත ජනතාව තේරුම්ගෙන ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළයුතු බවද ඔහු පැවසීය.

මාර්තු මාසය වන විට පැය 04ක විදුලිය කැපීමේ අවදානමක් පවතින බවද  උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහ දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය .

“කවුරු හරි ඇවිල්ලා කියනවා නම් අපිට ඇති වෙන්න ඩොලර් තියෙනවා, අපිට ඇතිවෙන්න රුපියල් තියෙනවා, ආණ්ඩුවට කිසි ප්‍රශ්නයක් නෑ කිව්වොත් ජනතාවත් කල්පනා කරනවා මොන එහෙකට ද අපි ඉතිරි කරන්න යන්නේ කියලා. අපිත් ජොලියේ ජීවත් වෙන්න ඕනේ කියලා. අපි දැන් පැය 24 ම විදුලිය දෙන්න උත්සහයෙන් මට තේරෙන විදියට නම් මාර්තු අග වනවිට කොහෙන් හරි ලොකු ඩොලර් ණයක් ගත්තොත් පොළියත් එක්ක ආපහු ගෙවන්න වෙනවා. එහෙම නැතුවුණොත් අපිට පැය 4ක විතර විදුලි කැපීමකට යන්න වෙනවා මාර්තු අග වෙද්දි. ඊට වඩා හොඳ නැද්ද අපි ඊළඟ වැස්ස එනතුරුම පැය එක හමාර ගානේ කපාගන්න තැනකට ගියොත්. දවස් දෙකක් හොඳ හෝටලයකින් කාලා දවස් 28ක් බඩගින්නේ ඉන්නවා ද? එහෙම නැත්නම් එළවළු පළතුරු ටික කඩෙන් ගෙනල්ලා ගෙදර උයාගෙන කාලා දවස් 30 වේල් තුනම කනවා ද කියලා ප්‍රශ්නයක් තමා දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නයේ දී හැමෝම කැපකිරීම් කළ යුතු වෙනවා. කැපකිරීම් කරන්න නම් ප්‍රශ්නයක් තියෙනවා යන්න ජනතාව දැනගන්න ඕනේ. දෙක මෙහෙම කැපකිරීම පිළිබඳ ආදර්ශය දේශපාලන නායකයෝ දෙන්න ඕනේ.”

 

ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්