ඔමික්‍රෝන් රටට ඇතුළු ආකාරය ගැන,කොවිඩ් කමිටුවට පැමිණිල්ලක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී පැමිණි කාන්තාව එන්නත් ලබා නොගෙන තිබියදීත් රටට ඇතුළුවීම සම්බන්ධයෙන් කොවිඩ් මර්දන කමිටුවට පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි

සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාවට අනුව රටට ඇතුළුවිය හැක්කේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති ගුවන් මගින්ට පමනි

එසේ තිබියදීත් අදාළ කාන්තාව නයිජීරියාවේ සිට මෙරටට ඇතුළුවීම ගැටළු සහගත බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ සඳහන් කළේ.