නවතම පුවත්

ගෑස් හානිවලට වන්දි ඉල්ලා පාරිභෝගිකයින් නඩු මගට බසී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෘහස්ත ගෑස් සිලින්ඩර අද සිට වෙළඳ  පොළට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙ.

කෙසේ වෙතත් මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉකුත්දා ගෑස් අනතුරු වාර්තා වූ අතර සිදුවු හානිවලට වන්දි ඉල්ලා ඉදිරියේදී අධිකරණය හමුවේ නඩු පවරන බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර ඇත .

එහි සභාපති රංජිත් විතානගේ සඳහන් කළේ.ජනතාව මේ වනවිට මෙම ගෑස් පිපිරුම් හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි

ගෑස් සම්බන්ධයෙන් අනතුරු රැසක් වාර්තා වීමත් සමග ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළදපොලට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය ඉකුත් දා පියවර ගත්

සිදු කෙරුණු පරීක්ෂණ මත සහ තාක්ෂණික කමිටුවේ නිර්දේශයන් අනුව කොන්දේසී තුනකට යටත්ව අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම එහි එක් කොන්දේසියක්, නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගඳ, සුවද හදුනා ගැනීම සඳහා “මර්කප්ටන්” අඩංගු කිරීම තාක්ෂණික කමිටුවේ තවත් කොන්දේසියක් වනවා.

නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම සියයකින් එකක් පරීක්ෂා කර සිීරියල් අංකය පාරිභෝගික කටයුතු අධිකාරියට ලබා දීම තවත් කොන්දේසියක්.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්