නවතම පුවත්

“ඔය කෘතිම ශ්වසන තරුණ දරුවකුගෙ ජීවිතය වෙනුවෙන් තබාගන්න..”

අසංක

අසංක

කොරෝනාවෙන් අවසන් හුස්මට පෙර අනූ හැවරිදි සූසෑන් කී සංවේදී කතාව

සටහන – කසුන් නදීර

I have already had a good life, Save this for the youngest..

90 හැවිරිදි බෙල්ජියම් ජාතික කාන්තාවක් වූ සුසෑන් හොයිලර්ට්ස් ඊයේ දින COVID 19 වෛරසය ආසාදනය වීමෙන් බ්‍රසල්ස් නුවරදී මිය ගියාය.

වෛද්‍යවරුන් ඇයට ශ්වසන ආධාරක යන්ත්‍ර (respirator machine) සවි කිරීමට සූදානම් වූ විට ඇය පවසා ඇත්තේ තමාට කෘතිම ශ්වසනය අනවශ්‍ය බවත් එය තරුණ දරුවෙකු වෙනුවෙන් තබා ගන්නා ලෙසත්ය. එසේම තමා මෙතෙක් ඉතා හොඳ ජීවිතයක් ගතකළ බවද ඇය වෛද්‍යවරුන්ට පවසා තිබේ.

“I dont want artificial respiration. Save this for the youngest. I have already had a good life “
ඉන් පැය කිහිපයකට පසුව ඇය මෙලොව හැර ගොස් තිබේ.

තම ආදරණිය මව ජීවත්ව සිටියදී පවා සිදු කළේ අන් අයට උදව් කිරීම බවත් වෛද්‍යවරුන් ඇගේ සංවේදී ඉල්ලීම තමාට සැළ කළ බවත් ඇගේ පුත් ජුඩිත් හොයිලට්ස් පවසයි.

තම මව නිවසේදී ඉතා හොදින් ආරක්ෂා වූ බවත් බලධාරීන් ලබා දුන් උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදි බවත් පවසන ඔහු ඇයට COVID-19 වෛරසය ආසාදනය වූ ආකාරය අදටත් සිතා ගත නොහැකි බව පවසා ඇත. එහෙත් පසුගිය සතියේදී සාමාන්‍ය උණ තත්වයක් නිසා රෝහල් ගත කළ තම මවට අවසාන මොහොතේදී ගෞරවය පුදකළ නොහැකි වීම පිළිබඳව ඔහු ඉතා කණගාටු වන බව එරට මාධ්‍යට පවසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්