ඔස්ට්‍රියාවේ වියනා නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම ISIS ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇත .
ඒ අනුව ‘‘මහම්මද්තුමාගේ රාජ්‍යයේ සොල්දාදුවෙකු‘ විසින් ‘‘කුරුස යුද්ධ කාරයන්‘‘ 30 දෙනෙකු මරාදැමීම හෝ තුවාළ කිරීම සිදුකර ඇති බව එම ත්‍රස්ත සංවිධානය නිවේදනය කර ඇත .
මෙම ප්‍රහාරය සිදුකළ කුජ්තිම් ෆෙස්ජුලායි නැමැත්තා ඝාතනයන් සිදුකිරීමට පෙර සිය ව්‍යාජ නාමය වූ අබු ඩුජානා අල්-ඇල්බානි යන්නෙන් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා අයිසිස් සංවිධානයට සිය සහයෝගය ද පළ කර ඇත
අයිසිස් සංවිධානය ෆෙස්ජුලායි විසින් සිය නායකයා වූ අබු ඉබ්‍රාහිම් අල් හෂාමි-අල් ක්වාෂි වෙත සිය පක්ෂපාතිත්තවය දිවුරන අරාබි බසින් දිවුරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද නිකුත් කර තිබේ.