නවතම පුවත්

ඉන්දු-ලංකා අන්තර්ජාල ධර්ම සාකච්ඡාව

අසංක

අසංක

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සංස්කෘතික හා ආධ්‍යාත්මික සබඳතාව වැඩි දියුණු කිරීම සඳහා ඉන්දීය රජය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර ඒ යටතේ වන විශේෂ ධර්ම සාකච්ජා මාලාවක් පසුගියදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට මෙරට ඉන්දීය සංස්කෘතික කේන්ද්‍රය කටයුතු යෙදීය.

බොදුදහම මූලික කරගනිමින් දෙරට අතර සබඳතාවය වර්ධනය කිරීමේ වැඩසටහන් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක මුදලක් වෙන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා පසුගියදා පියවර ගත් අතර එම වැඩසටහනේ ආරම්භක පියවරක් ලෙස මෙම ධර්ම සාකච්ජා මාලාව පැවැත්විණ.

වප් පොහොය කේන්ද්‍ර කරගනිමින් පවතී මෙම ධර්ම සකච්ජාවේදී ” අපන්නක ජාතකය ” මුල් කරගනිමින් කරුණු සාකච්ජාවට ලක්කෙරුණු අතර සිංහල භාෂාවෙන් මේ සඳහා සම්පත් දායකත්වය ලබාදුන්නේ බටුවන්ගල රාහුල හිමියන්ය.

ඉංග්‍රීසි භාෂාවෙන් කඹුරුවෙල රේවත හිමියෝ මෙම සාකච්ජාවට මූලිකත්වය ලබාදුන් අතර මේ පිලිබඳ ප්‍රමාණික දැනුමක් සහිත තවත් භික්ෂූන් කිහිපනමක්ම සාකච්ජාව සඳහා එක්ව සිටියහ.

ඉන්දියාවේන් හා ශ්‍රී ලංකාවෙන් විශාල පිරිසක් මෙම සාකච්ජාවට අන්තර්ජාලය හරහා සම්භන්ධ වූ අතර ඔවුන්ට ධර්මය පිළිබඳව තමන් තුල ඇති ගැටළු ඉදිරිපත් කිරීමටද මෙහිදී අවස්තාවක් ලැබිණ.

මෙරට ඉන්දියානු සංස්කෘතික කේන්ද්‍රය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ ආචාර්ය රේවන්ට් වික්‍රම් මහතා විසින් මෙම සාකච්ජාව සම්භන්ධීකරණය කල අතර එම කේන්ද්‍රයේ ෆේස් බුක් පිටුව හරහා මෙය අන්තර්ජාලයට මුදාහැරින.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්