නවතම පුවත්

ඕනෑම කෙනෙකු සමග පිළිවෙලකට ගමනක් යෑමට සූදානම් – විමල් වීරවංශ

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග වුව ඉදිරියේදී  ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යාමට තමන් සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටී

ආණ්ඩුවෙන් කොටසක් ඉවත්ව යන කතාවද   හීනයක් බව , දොඩම්ගස්ලන්ද කහටගහ පතලේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා  සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යව්දීන් නැගු ප්‍රශ්න හා අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරු මෙසේය ,

ප්‍රශ්නය – බැසිල් ඇමතිතුමාත් එක්ක දැන් බොහොම ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යන්න පුළුවන්ද ?

“ඕනෙ කෙනෙක් එක්ක ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යන්න පුළුවන් නම් ගමනක් යන්න අපි සූදානම්. ඒක කවුද කියන එක අදාළ නෑ”

ප්‍රශ්නය – මාධ්‍ය වල වැඩිය පේන්න නැහැනෙ. මොකක් හරි කැපිල්ලක්වත් තියෙනවද රජයත් එක්ක ?

“මාධ්‍ය ආයතනවලින් මට කිසිම කැපිල්ලක් නැහැ”

ප්‍රශ්නය – පවතින රජයත් එක්ක ?

“රජයත් එක්ක කැපිල්ලක් තියෙනවා කියලා මං පේන්න නැතිවෙන්නෙ මොකටද ?”

ප්‍රශ්නය – මොකද කට්ටියක් කඩාගෙන යන්න හදනවානෙ, ඉතිං ඒකෙ ඔබතුමාත් ඉන්නවද පිටිපස්සෙන් ?

“කවුද කොහෙද කට්ටියක් කඩාගෙන යන්නෙ ?”

ප්‍රශ්නය – එහෙම ආරංචියක් තියෙනවා අපට ….

“ඔයා හීනෙන් මොකක් හරි දැකලා …. හීනයක් දැකලා”

YouTube player
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්