ඕමානයේ ජබාල් අල් අක්බාර් මාර්ගයේ සිදුවූ අනතුරකින් එකම පවුලේ 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔරට වාර්තා සදහන් කළේ අනතුරෙන් මෙලෙස මියගොස් ඇත්තේ මව සහ දරුවන් තිදෙනෙක් වන බවය.
පියා සම
ග මොවුන් සියලු දෙනා මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටියදී රථය පැදවූ පියාට එය පාලනය කරගත නොහැකිවූයෙන් අනතුර සිදුව තිබේ.
මියගොස් ඇත්තේ අෆාෆ් සකී (අවු.4), නවාල් අහමඩ් සකී (අවු.9), ෆායික් මුසාම් (අවු.1) සහ ඔවුන්ගේ මව ය.
මුස්කැට්හි පිහිටි ශ‍්‍රී ලාංකික පාසලක බලධාරීන් විසින් දරුවන්ගේ නම් හෙළිකර තිබුණි.
ඔ්මාන පොලීසිය පවසා තිබුණේ මාර්ගයේ පිහිටු වූ යමක් සමග මෝටර් රථය ගැටීමෙන් ක
දු ප‍්‍රදේශයට පෙර අනතුර සිදුවී ඇති බවයි. අනතුරින් පියාට බරපතළ තුවාල සිදුවී ඇති බව ද ස`දහන් ය.
ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි