නවතම පුවත්

රජයේ සේවකයො 25%ක් දූෂිතයි – අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ

අසංක

අසංක

සියයට 75ක් හොද සේවකයන්ට තැනක් නැතිවී තිබෙන්නේ රාජ්‍ය සේවයේ යෙදෙන 25%ක් පමණ දුෂිතයන් නිසා බව අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පැවැසීය.

ගාල්ල මහින්ද විද්යාෙලයේ ආදි ශිෂ්‍ය සංවිධානයක් වන මහින්ද සමාජයේ 2019 උපහාර ප්‍රණාමය පිළිගනිමින් නෙවිල් ගුරුගේ මහතා මේ බව සදහන් කළේය.

කොළඹ විද්වත් වෘතිකයන්ගේ සමිති සංගම් ශාලාවේදී ඊයේ 24 පැවැති මහින්ද සමාජයේ 22 වැනි මහාසභා රැස්වීමේ ප්‍රධාන අංගයක් ලෙස මහින්ද විද්යාාලයේ ආදි ශිෂ්‍ය දෙපලක් උපහාරයෙන් පිදුම් ලැබු අතර අල්ලස් කොමිසමේ කොමසාරින් නෙවිල් ගුරුගේ සහ අයිලන්ඩ් වයිඩ් මාර්කටින් ස්ර්විස් සමාගමේ හිමිකරු චන්ද්‍රසිරි වනිගරත්න ජයසේකර එසේ සම්භාවනාවට පත්වුහ.

උත්සව සභාව ඇමැතු නෙවිල් ගුර්ගේ මහතා මෙසේද කීවේය.
“පොලිසිය හොද තැනක් සේවය කිරීමට, මට අවශ්‍ය වුනේ ධර්මානුකුලව කටයුතු කරන්නයි. Preventing is better than direction තමයි මගේ තේමාව වුණේ. සුළු වරදකට යම් පුද්ගලයෙක් රිමාන්ඩ් කරන්න මම ක්‍රියා කළේ නැහැ. රිමාන්ඩ් එකට එක දවසක් හෝ ගියපු පුද්ගලයෙක් යළි එළියට එන්නෙ මහා අපරාධකාරයකු ලෙසයි. ඇතුලෙ ඉන්න අය brain wash කරනවා. ඒ නිසා මම ඒ පැත්තට ගියේ නැහැ.

ඒ නිසා මම හැමදාම බැලුවේ අපරාධකරුවෙක් වුණත් ඔහුව සුමගට යවන විධියක්. අල්ලස් හා දුෂණය පැත්තෙන් වුණත් මම අදටත් බලන්නෙ පුද්ගලයින් ඇතුළට දාන්න නෙමෙයි. රාජ්‍ය සේවයේ යෙදෙන අයගෙන් සියයට 25ක් තමයි දූෂණයෙ යෙදෙන්නෙ. අනිත් සියයට 75 හොද අයයි. නමුත් අර හොද අයට තැනැක් නැහැ. ඒකට හේතුව ආධිපත්‍යය ගෙනියන්නෙ අර සියයට 25 නිසා. එතැනත් ආයතනයේ ප්‍රධානියා දුෂිත අයෙක් නම් අර සියයට 75ට කොහෙත්ම තැනක් නැති වෙනවා.
ඒ නිසා අපි අර සියයට 75 සමග කටයුතු කරමින් සියයට 25 මර්දනය කරන්න කටයුතු කරගෙන යනවා. ඔය දුෂිත සියයට 25 අතරෙන් සියයට 15ක් පමණ හදාගන්න පුළුවන්. සියයට 10ක් හදාගන්නම බෑ. ඉතිං ඒ අය නම් හිරේ දාන්නම කටයුතු කරනවා. දියුණු රටවල දුෂණය නැති කරලා තියෙන්නෙ කුඩා දරුවගෙන් පටන් ගෙන. ඇත්තටම ඔවුන් එය පටන් ගන්නෙ පෙර පාසලේ කාටුන් චිත්‍රවලින් අදහස් දීලයි.

සුපිරිපන්න සමාජය පිහිටුවන්න අවශ්ය යයි. මේ වචනය හදුන්වලා දුන්නෙත් මහින්දෙ ඉගැන්වීම් කරපු අරිසෙන් අහුබුදු මහතායි. පාසල්වල සුපිරිපන්න සමාජ හදලා අපි ළමයි තුලින් වැඩිහිටියා හදන්න බලනවා. දකුණු පළාතෙන්ම මහින්ද විදුහල්පති ගාමිණි ජයවර්ධන තමයි මට ගාල්ලෙ සම්මන්ත්රහණයකින් පසු ඇවිත් මේ වැඩපිළිවෙලේ පළමු වැඩසටහන මහින්දෙන් පටන් ගමු කියලා කිව්වේ. ඒ කටයුතු දැනට කරගෙන යනවා. පහුගිය දවසක ගාල්ල ප්රෙවදේශයේ විදුහල්පතිනියක් අල්ලස් අරගෙන අසුවුණා. ගාල්ල ප්රෙදේශයේ තිබෙන පාසල් අතුරින් විදුහල්පතිතුමන්ලා කීප දෙනෙකුටම චෝදනා තිබෙනවා. නමුත් මහින්ද විදුහලට එවැනි චෝදනාවක් නැහැ. ඒ තත්ත්වය ආරක්ෂා කරගන්නැයි කියලා විදුහල්පතිතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. සමහර තැන්වල විදුහල්පතිතුමන්ලා නරක් කරලා තියෙන්නෙ ආදි ශිෂ්යන සංගම්වලින්. ඒ නිසා සුපිරිපන්න වශයෙන් හොද විධියට මේ දේවල් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.” යැයි නෙවිල් ගුරුගේ මහතා පැවැසීය.

මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන, මහින්ද සමාජයේ සභාපති ටී.එන් තිලකුමාර, මහින්ද ආදි ශිෂ්ය, සංගමයේ සම ලේකම්වරු ඇතුළු මහින්ද සමාජයේ සහ මහින්ද විද්යාදලයීය ආදි ශිෂය සංවිධානවල ප්රුධානින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රමේෂ් වරල්ලෙගම

ඡායාරූප – රංජිත් ගුරුගමගේ
විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා විසින් මහින්ද සමාජයේ උපහාරය ආදි සිසුන් දෙපළට පිළිගැන්වු අයුරු සහ මහා සභා රැස්වීමට එක්ව සිටි පිරිසෙන් කොටසක්

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්