ශ්‍රී ලංකාවද ඇතුළු විවිධ රටවල් වලින් ඉදිරියේදී රැකියා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන් වැනි ජනගහන පීඩනය අධික නගරවලින් බැහැර කර දකුණු ඔස්ට්‍රේලියාව, ටස්මේනියාව, වැනි ජනගහනය අඩු ප්‍රාදේශීය කලාප වල ස්ථාපනය කිරීමට එරට රජය සැලසුම් කර ඇත.
මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගරවල ජනගහන පීඩනය අවම කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජය මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.
ඔස්ට්‍රේලියාවේ දැනට වෙසෙන විදෙස් සංක්‍රමණිකයින් තම වීසාවලට අදාළ ප්‍රදේශයේ නොසිටියහොත් වහාම එරටින් නෙරපීමටද ඕස්ට්‍රේලියා රජය තීරණය කර ඇත.
ඒ අනුව ඔස්ට්‍රේලියානු වීසා හිමිවන සංක්‍රමණිකයින් කුමන ලෙසකින් හෝ නියම කළ ප්‍රදේශයෙන් බැහැර වුවහොත් ඔවුන්ගේ වීසා අහෝසි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු යොදා ඇත.
පැතුම් වික්‍රමරත්න
.