ඕස්ට්‍රේලියාවට සුළු වැස්සක් ඇදහැලෙයි

Picture of අසංක

අසංක

ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්සයේ ඊඩ්න් නගරයට අද වැසි ඇදහැලී තිබේ.

එහෙත් තවමත් එහි ලැව්ගිනි දුමාරය පැතිර යන බව එරට වාර්තා පැවැසීය.

කාලගුණ බලධාරීන් පෙන්වාදෙන්නේ අද හෙට සහ අනිද්දා දිනයන්හිදී මිලිමීටර් 5-20 අතර සුළු වැසි ඇති විය හැකි බවයි.

එය එහි පවතින සෙල්සියස් අංශක 41ට වැඩි උෂ්ණත්වය තරමක් අඩු කර ගැනීමට හැකි වුවද ලැව්ගිනි නවතා දැමීමට තරම් ප්‍රබල නොවනු ඇති බව ද සඳහන් වේ.

ඒ අනුව එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක් පමණ පහත බැස තිබේ.