නවතම පුවත්

ඕස්ට්‍රේලියාවේ කෙන් වයට් ප්‍රථම ස්වදේශික ඇමැතිවරයා ලෙස පත් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ස්වදේශිකයින් සඳහා අමාත්‍යවරයකු පත්කර ඇත. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වූ කෙම් වයට් නම් ආදිවාසික මන්ත්‍රීවරයාට මෙම අමාත්‍යධූරය ලැබී ඇති බව සඳහන් වේ.

මෙය ඓතිහාසික පත්වීමක් බවත් 66හැවිරිදි කොන්සර්වේටිව් පාක්ෂික වයට්ගේ පත්වීම සම්බන්ධව බොහෝ ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් ප්‍රීතිය පලකරමින් සිටින බවත් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මැයි 18 වැනිදා ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයෙන් පසු ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා විසින් මෙම පත්විම සිදුකර ඇත.

කෙසේවුවද ඕස්ට්‍රේලියාවේ ස්වදේශිකයින්ට ඇති පිළිගැනීම හා ඔවුන්ට අසමානව සැළකීම සම්බන්ධව බොහෝ වාද විවාද පවතී. කෙන් වයට් කැන්ගරු සමකින් සකස් කළ කබායක් පැළඳ සිය ප්‍රථම පාර්ලිමේන්තු කථාව සිදුකළ බව සඳහන් වේ.

වයට් ප්‍රාථමික පාසල් ගුරුවරයකු වශයෙන් ද මහජන සෞඛ්‍ය නිලධාරියකු වශයෙන් ද සේවය කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා