නවතම පුවත්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි ආපදා තත්ත්වයක්

අසංක

අසංක

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට හදිසි තත්වයට අමතරව හදිසි ආපදා තත්ත්වයක් අද පස්වරු 6 සිට ප්‍රකාශයට පත්කර තිබේ.

නව කොරෝනා 2 වන රැල්ල නිසා මෙල්බර්න් නුවර වාර්තාවන ආසාදිතයන්ගේ ඉහලයාමක් පෙන්නුම් කරන බැවින් අදියර 4 ලොක්ඩවුන් තත්වයක් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා මෙල්බර්න් නුවරට නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නිතිය බලපැවැත්වේ.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තය බ්‍රහස්පතින්දා සිට සීමාවන් අදියර තුන දක්වා ගමන් කරනු ඇත.

මේ වනවිට ඔස්ට්‍රේලියාව සමස්ත ආසාදිතයින් ගණන 17,294ක් සහ මරණ 201ක් වන අතර අද දිනයේ අලුතින් ආසාදිතයින් 650ක් වාර්තා විය.

මේ තත්වය තුල ජනතාවට නිවසින් බැහැර වීම ද දැඩි ලෙස සීමා කර ඇත.

අදියර හතර යටතේ පැනවෙන නීති:

* ව්‍යායාම දිනකට පැයකට සීමා වේ.

* තම නිවසේ සිට කිලෝමීටර 5 ක් ඇතුළත සාප්පු යෑමට හැකි වන්නේ එක් නිවසකට එක් පුද්ගලයෙකුට පමණි.

* සියලුම සිසුන් සඳහා දුරස්ථ ඉගෙනීම බදාදා සිට නැවත ආරම්භ වේ.

* පොදු ප්‍රවාහනය එක රැයකින් සීමා කෙරේ.

* විවාහ මංගල්‍යයන් බ්‍රහස්පතින්දා සිට තහනම් කෙරේ.

* අවමංගල්‍ය කටයුතු සඳහා අවසර දෙනු ලබන්නේ ප්‍රාදේශීය ප්‍රදේශවල පමණි.

* සංවිධානාත්මක ක්‍රීඩා තහනම් වේ.

* සමීප හවුල්කරුවන් සමග චාරිකා කිලෝමීටර 5 කට සීමා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්