නවතම පුවත්

ඕස්ටේ‍්‍රලියාව දේශසීමා ප්‍රතිපත්ති තවත් දැඩි කරයි

අසංක

අසංක

නීතිවිරෝධී ලෙස ඕස්ටේ‍්‍රලියාව දේශසීමාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව මේ දිනවල මෙරට සංචාරයක නිරත එරට ස්වදේශීය කටයුතු අමාත්‍ය පීටර් ඩයන් මහතා පවසයි.

ඒ වෙනුවෙන් ඕස්ටේ්‍රලියාවේ දේශසීමා ප්‍රතිපත්ති දැඩිකර ඇති බව මෙරට පිහිටි ඕස්ටේ‍්‍රලියාව මහකොමසාරිස් කාර්යාලයේ දී අද පැවැති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

“නීතිවිරෝධී ක්‍රම මගින් ඕස්ටේ‍්‍රලියාවට ඇතුළු වීමට කිසිදු අවසරයක් නෑ” යන තේමාව යටතේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් එරට රජය විසින් දියත් කර ඇත.

මැතිවරණයෙන් ද දේශ සීමා ප්‍රතිපත්තිය කිසිසේත්ම ලිහිල් කර නොමැති බව ද ඔහු කියාසිටියි.

ඉදිරියේදීත් සියලුම නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු ආපසු හරවා එවීමටත් එම සංක්‍රමණිකයන් සඳහා ජීවිතාන්තය දක්වා වන තහනමක් පැනවීමටත් ඕස්ටේ‍්‍රලියානු ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටියි.

පසුගිය වසර 5 තුළ ඕස්ටේ‍්‍රලියාවට ඇතුළු වීමට උත්සහ දැරූ කිසිදු මිනිස් ජාවාරම් බෝට්ටුවක උත්සහය සාර්ථක වී නොමැති බවත් ඒ අනුව නීතිවිරෝධී සංක්‍රමණිකයන් සාර්ථක නොවූ බව ද ඔහු අවධාරණය කළේය.

පසුගිය මැයි 29 වැනිදා ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධී ලෙස පැමිණි බෝට්ටුවක සිටි 20 දෙනාම එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද ඔහු මෙහිදී සිහිපත් කළේය.

ඔවුන් ආපසු එවීමට කටයුතු කරමින් තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා