නවතම පුවත්

ඖෂධ අර්බුදයෙන් මිදෙන්න ,ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආධාර !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදී සිටින ඖෂධ අර්බුධයෙන් මිදීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරටට දැනුම්දී තිබෙනවා. එම සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී එම සහතිකය ලබාදුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

වත්මන් රජය ආරම්භ කර ඇති නව සෞඛ්‍ය වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාව මුහුණදී ඇති මෙම අර්බුදය ලබන ජුලි, අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරිය එහිදී ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන ආධාර වැඩසටහනේ පළමු පියවර ලෙස ඩොලර් මිලියන 2 ක සෞඛ්‍ය පහසුකම් පිරිනමන බවද ඇය එහිදී සඳහන් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සහාය අගය කරන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. ශ්‍රී ලංකාව සෞඛ්‍ය රක්ෂණයකට ඇතුලත් කිරීමට අපේක්ෂා කරන බව ද එහිදී සඳහන් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ලබාදෙන ලෙස ද ඉල්ලීමක් කර තිබෙනවා. 

අද පෙරවරුවේ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වූ මෙම අවස්ථාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සොයාබැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්