නවතම පුවත්

ඖෂධ හිඟයට විසඳුම් සොයන්න , WHO සහය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව මුහුණ දෙන වර්තමාන අභියෝග සහ විශේෂයෙන් ඖෂධ නිෂ්පාදන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 මැයි 25 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය  අලකා සිං මහත්මිය හමුවිය.  

මෙම සාකච්ඡාව අතරතුර වර්තමානයේ දී මෙරට මුහුණ දෙන බහුවිධ අභියෝග පිළිබඳව විස්තර කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, මෙම දුෂ්කර අවස්ථාවේ දී රජයට සහය දැක්වීම සඳහා තම කාර්යාලය ගත් ක්‍රියාකාරී පියවර පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරිය වෙත සිය කෘතඥතාව පළ කළේ ය. සෞඛ්‍ය හා සබැඳි වර්තමාන අභියෝග ජය ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අචාර්ය සිං මහත්මිය අමාත්‍යවරයා හමුවේ සහතික විය.

විවිධ රාජ්‍ය ආයතනවලින් යොමු කෙරෙන ආධාර හා සබැඳි ඉල්ලීම් විධිමත් කරමින් රටේ හදිසි අවශ්‍යතා හඳුනා ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන ආකාරයේ මධ්‍යම යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා රජය උත්සාහ ගනිමින් සිටින බව අමාත්‍ය පීරිස් මැතිතුමා මෙහිදී දන්වා සිටියේ ය. ශ්‍රී ලංකාවට කේන්ද්‍රගත සහ ඉලක්කගත ආධාර සැපයීම සඳහා බහුපාර්ශ්වික පරිත්‍යාගශීලී නියෝජිතායතන, සංවර්ධන හවුල්කරුවන් සහ විදේශ රටවලට මෙම පියවර උපකාරී වනු ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත අභියෝගවලට මුහුණ දීම සඳහා ගත හැකි පියවර පිළිබඳව මෙන්ම රජය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය දරන ප්‍රයත්නවල උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබා දීම තහවුරු කිරීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් එතුමිය සතු විශේෂඥ දැනුම ද එතුමාගේ පැසසුමට පාත්‍ර විය.  

මෙම දුෂ්කර කාල වකවානුුව 2022 ජූලි මස අග දක්වා පවතින බවත්, 2022 අගෝස්තු මස සිට 2023 ජූලි මස දක්වා කාල වකවානුවේ දී මෙරට තුළ ප්‍රමාණවත් වෛද්‍ය සැපයුම් පවතිනු ඇති බවත් අචාර්ය සිං මහත්මිය මෙහිදී දන්වා සිටියා ය. මේ වන විට බොහෝ රටවලින් ආධාර පිරිනැමීම පිළිබඳ යෝජනා  කිහිපයක් ලැබී ඇත. මෙම තත්ත්වය හමුවේ, විශේෂයෙන් පුද්ගලික පරිත්‍යාග ඇතුළු අනෙකුත් පරිත්‍යාග සඳහා අවැසි පසුබිම සැකසීමට ඔවුහු ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරති.

සෞඛ්‍ය තත්ත්වය ආශ්‍රිත වර්තමාන අභියෝගවලට විසඳුම් සෙවීමට රජයට සහය වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි කාර්යාලයෙන් මෙන්ම විදේශ රටවල් රැසක සහයෝගයෙන් ලැබෙන ශක්තිමත්, ස්ථාවර සහ අඛණ්ඩ සහය පිළිබඳව අමාත්‍ය පීරිස්  මැතිතුමා ශ්‍රී ලංකා රජයේ අවංක කෘතඥතාව පළ කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මැයි 26 වැනි දින 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්