කකුලේ ආබාධයෙන් හැඳිනූ කොරෝනා රෝගියා හසුවූ හැටි (photos)

Picture of අසංක

අසංක

IDH රෝහලෙන් අද අලුයම පැනගිය කොවිඩ්-19 ආසාදිතයා පුද්ගලයා හඳුනාගෙන ඇත්තේ ඔහුගේ කකුලේ ආබාධය නිසා කොළඹ ජාතික රෝහලේ අංක -5 ගේට්ටුව ආසන්නයේදී සිටිනු දුටු රෝහල් සාත්තු සේවකයන් දෙදෙනෙක් විසින් බව වාර්තා වේ.

පසුව ඔවුන් කළ දැනුම් දීමකින් පසුව යුධ හමුදා භාරයට ගෙන ගිලන් රථයකින් පැමිණි සෞඛ්‍ය නිලධාරීන් ඔහු මුළුමනින්ම විශේෂිත ආවරණ යොදා රැගෙන යන ලදී.

ඔහු සොයා හමුදා කණ්ඩායම් කිහිපයක්ම දැඩි සෝදිසි මෙහෙයුමක් කලේය.

ඔහු ආ ගිය තැන් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබාගැනීමට බලධාරීන් කටයුතු කර ඇත.

මොහොමඩ් කාසිම් මොහොමඩ් නසීම් යන මෙම පුද්ගලයා 41 වියැති ත්‍රිකුණාමල චීනවරාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.