අසංක නවරත්න
කටාර් රාජ්‍යයේ දෝහා හිදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් ඇති පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු නොවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය පියංකර ජයරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බලා ඇත.
ඒ අනුව මේ පිළිබඳව සොයා බැලිමට කටාර් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයට දන්වා ඇති අතර ඒ අනුව කම්කරු අංශයේ ප්‍රධානී නිතීඥ කීර්ති මුතුකුමාරණ මහතා විසින් අදාල ප්‍රදේශයේ පොලිසිය වෙත ගොස් කරුනු සොයා බලා ඇති බවය.
එම පොලිසිය මගින් තහවුරු කර ඇත්තේ මියගිය පුද්ගලයා ශ්‍රී ලාංකිකයකු නොවන බවටත් පසුව අදාල ප්‍රදේශයේ රෝහලද පරික්ෂා කර ඇති අතර වෙඩි තැබිමකින් මියගිය ශ්‍රී ලාංකික පුද්ගලයකුගේ දේහයක් නොමැති බවටත් තහවුරු වි තිබේ.