කටාර්හි ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඉහළට

Picture of අසංක

අසංක

කටාර් රාජ්‍යයේ සේවය කරන්නන්ගේ අවම වැටුප රියාල් 1000ක් දක්වා ඉහළ දමා තිබේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ කටාර් රාජ්‍ය කාර්යාලය පවසන්නේ මෙම අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය කටාර්හි සේවය කරන සියලුම විදේශ ශ්‍රමිකයන්ට බලපැවැත්වෙන බවයි.

එමෙන්ම ආයතන හෝ නිවාසවල සේවය කරන සේවකයන්ද ඊට ඇතුළත් වේ.

මේ අනුව විදේශ ශ්‍රමිකයන්ට අවම සේවක වැටුප් නිර්ණායක තීරණය කළ මැදපෙරදිග කලාපයේ ප්‍රථම රට කටාර් රාජ්‍ය වේ.

අවම වැටුප් නීතිය මගින් විදේශයන්හි සිටින කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් 400,000 කට වැඩි පිරිසකට ඍජු ප්‍රතිලාභ ලැබෙනු ඇත.