නවතම පුවත්

කටුනායක ගුවන් තොටුපළ “ස්මාට්” වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දකුණු ආසියාවේ තාක්ෂණයෙන් ඉහලම ගුවන් තොටුපල ශ්‍රී ලංකාවේ ඉදිකරන බව අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර සිටී
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල තාක්ෂණය සමග බද්ධකරමින් ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාව පසුගියදා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පැවැත් වුනු අතර එහිදී මාධ්‍යවේදීන් අමතමින් රාජපක්ෂ මහතා මේ බව පවීය


මීළග වසර 03 ඇතුළත තාක්ෂණයෙන් හෙබි Smart ගුවන්තොටුපොල ගොන්නට ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ද එකතු කිරිමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා මෙහිදී  ප්‍රකාශ කළේය .

එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

කෝවිඩ් වසංගතයත් සමඟ අපේ රටේ වගේම ලෝකයේත් සංචාරක ව්‍යාපාරය යම් පසුබෑමකට ලක් වුණා. එන්නත්කරණ ක්‍රියාවලිය සමඟ නැවත වතාවක් මේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව යම් සුබවාදී බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉදිරියට යන්න පුලුවන් වෙයි කියන විශ්වාසයේ අපි ඉන්නවා. ලෝකයේ රටවල් අතරින් ඉතාම සාර්ථකව එන්නත්කරණය ක්‍රියාත්මක වන රටක් විදියට ශ්‍රී ලංකාව මේ වෙනකොට සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අයටත් එන්නත්කරණය කිරීම ආරම්භ කරලා තිබෙනවා. ඉදිරි කාලසීමාව තුළ ගුවන්තොටුපොල විවෘත කර රටට සංචාරකයන් ගෙන්වාගෙන අපිට අහිමි වූ ඩොලර් මිලියන 04 කට වැඩි විදේශ ආදායම නැවත රටට හිමිකරදීමට කටයුතු කරනවා. එමෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අහිමි වූ ලක්ෂ 30 කට අධික තරුණ පිරිසට නැවත ඔවුන්ගේ රැකියා සුරක්ෂිතව කරගෙන යාමේ අවස්ථාව අපි උදා කරලා දෙනවා. ඔවුන්ගේ අහිමි වූ ආදායම් නැවත ඔවුන්ට ලබාගත හැකි වටපිටාවක් අපි නිර්මාණය කරනවා. ඒ හරහා සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටට ගලා ආ විශාල විදේශ විනිමය ප්‍රමාණය නැවත අප රටට ගලා එන බවට අපි විශ්වාස කරනවා.අද අපි සාකච්ඡා කළා නව තාක්ෂණයත් එක්ක ලෝකයේ සෙසු රටවල හා සමාන්තරව අපේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලත් ඩිජිටල්කරණය කිරීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න. ඒ අනුව මේ ගුවන්තොටුපොල හරහා ගමන් කරන මගීන්ට නව තාක්ෂණය යොදාගෙන ඔවුන්ගේ එදිනෙදා ගමන් පහසුකිරීම, කාර්‍යක්ෂම කිරීම හා නව්‍යකරණය කිරීම පිළිබදව වැඩි දුරටත් අපි සාකච්ඡා කළා.මීළග වසර 03 ඇතුලත තාක්ෂණයෙන් හෙබි Smart ගුවන්තොටුපොල ගොන්නට අපේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොලත් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්