නවතම පුවත්

කටුනායක ටැක්සි සේවය නියාමනයට පියවර

අසංක

අසංක

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රීරෝද රථ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ ද අරමුණ ඇතිව මෙම පියවර ගෙන ඇත.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රී රෝද රථ රියදුරන් සමඟ පැවති සාකච්ඡාවක දී කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය. 

මෙම ත්‍රීරෝද රථ රියදුරන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම සදහා මෙම රැස්වීම කැඳවා ඇත.

කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධ පැමිණිලි රැසක් තමන්ට ලැබී ඇති බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුනි.

සංචාරකයන් මුලින්ම මෙරටට පැමිණෙන ස්ථානය වන කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව සිදුවන ඇතැම් ක්‍රියා හේතුවෙන් රට පිළිබදව විදේශිකයන්ට වැරදි හැගීමක් ඇතිවන බවත් එය රටට අහිතකර බවත් ඇමතිවරයා පැහැදිලි කරන ලදී.

මේ නිසා මෙවැනි සිද්ධීන්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේය.

ඉදිරියේ දී කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ යෙදෙන ත්‍රීරෝද රථ රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීමටත්, වෙනම නිළ ඇදුම් හා දිය හැකි වෙනත් පහසුකම් ද ලබා දීමටත් රජය අපේක්ෂා කරයි.

මෙම ත්‍රීරෝද රථ සේවාව හදුනා ගැනීම පහසු වන පරිදි වර්ණ ගැන්වීම කෙරෙහිද අඅවධානය යොමුව ඇතැයි ද ඇමතිවරයා
කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්