නවතම පුවත්

කඩාවැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට සහනයක්

අසංක

අසංක

මෑතකදී කඩාවැටීමට ලක් වූ මූල්‍ය සමාගම් යළි උද්දීපනය කරමින් ඒවායෙහි තැන්පතුකරුවන්ට සහනයක් ලබාදීමට මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවද මුදල් අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට්ටුව වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී,ඊ ටී අයි ෆයිනෑන්ස් ලිමිටඩ්,ස්වර්ණමහල් ෆයිනෑන්ස් සර්විස් පී එල් සී,ටී කේ එස් ෆයිනෑන්ස් ලිමිටඩ්,ද ෆයිනෑන්ස් කම්පැනි පී එල් සී සහ ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් ලිමිටඩ් යන මූල්‍ය සමාගම් මෙලෙස බිඳ වැටි තිබෙන අතර මේවායෙහි ව්‍යාපාර බලපත්‍ර ඉකුත් වසර දෙකක කාලය සඳහා අත්හිටුවනු ලැබීය.

මෙම සමාගම් හයට අදාළව තැන්පතුකරුවන් 2,56,375ක් වන අතර එමෙන්ම ඒවායෙහි සේවයේ නියුතුව සිටි පිරිසක් ද වන අතර මේ වන විට ඔවුන් සියලුදෙනාම ආයතන බිඳ වැටීම නිසා ඇති වූ අර්බුදයන්ගේ කොටස්කරුවන් වී හමාරය.

එහෙයින් තැන්පතුකරුවන් ආරක්ෂා කිරීම මෙන්ම තැන්පතුකරුවන්ට හැකි උපරිම සහනයක් ලබා දීම එම ආයතනවල සේවකයින්ගේ රැකියාවල සුරක්ෂිතභාවය සහතික කිරීම, පීඩාවට පත් මූල්‍ය ආයතන කෙරෙහි ඇති විශ්වාසය යථා තත්ත්වයට පත්කිරීම සහ මේ වන විට කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිඳ වැටීමට ලක්ව ඇති සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සහතික කිරීමත් මූලික කරගෙන උක්ත කැබිනට් යෝජනාව සකස් කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්